අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ගැන අධිකරණය අද ගත් තීරණය!

පර්පෙචුවල් ටෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන පෙබරවාරි 16 දින දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (4) පෙරවරුවේ දී අත්අඩංගුවට ගෙන අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන කොටුව අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී අද දින (5) දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කර තිබිණි.

අද (5) දින යලිත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන එළඹෙන 16 තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබිණි.

more recommended stories

%d bloggers like this: