ජනතා මුදල් කෝටි ගණන් නාස්ති කරමින් රවී ගේ ප්‍රතිරූපය නංවන්න කල වෙබ් මෙහෙයුම හසුවේ!

මේ දිනවල රවී කරුණානායක විදේශ අමාත්‍යවරයා බැඳුම්කර කොමිසමේ හෙළිවූ සාක්ෂි සමග දැඩි සමාජ ජාලා ප්‍රහාරයකට ලක් වූ බව සැවොම දන්නා කරුණක්. ධනයට හෝ බලයට පාලනය කල නොහැකි ජනතාව සතු එකම මාධ්‍ය අවිය වන සමාජ ජාල තුල පුරවැසියන් තම මතය ඉදිරිපත් කරනු ලබන අතර විවිධ මත ගැටෙමින් සත්‍ය ඉහලට ඔසවා තැබීමට ජනතාව සිය මුහුණු පොත ඔස්සේ ක්‍රියා කරමින් සිටිනවා. මෙසේ රවී කරුණානායක මහතාට එරෙහිව චෝදනා නැගෙන්නේ කලක පටන් වුවත් එම කරුණු කාරනා වලට පැහැදිලි සාක්ෂි ලැබෙන්නේ බැඳුම්කර සොරකමට ඔහු විසින්ම ලබා දුන් සාක්ෂි සහ එම කොමිසම විවිධ සාක්ෂි කරුවන්ගෙන් ගොනුකරගත් සාක්ෂි ජනගත වීමත් සමගයි.

රවී කරුණානායක ඇමතිවරයා සැබවින්ම නිර්දෝෂී පුද්ගලයකුනම් කළයුතුව තිබුනේ තමාට එල්ල වී ඇති චෝදනා නිතිය හමුවේ සලකා බලා තීරණයක් ලැබෙනතුරු අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී ආදර්ශමත් වීමයි. නමුත් ඔහු එසේ නොකර සමාජ ජාල තුල තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට කැම්පේන් කිරීමට පටන්ගෙන තිබේ.

මෙසේ තම පෞද්ගලික ප්‍රතිරූපය ප්‍රවර්ධනය උදෙසා ඔහු සිදු කරන්නේ තමන්ට විරුද්ධව හෝ තමන් කරන වංචා දුෂණ හෙළි කිරීමට කටයුතු කරන දේශපාලකයන් වෙත විවිධ චෝදනා එල්ල කරමින් වෙබ් හා සමාජ ජාල තුල ප්‍රචාරය කිරීමය. මේ සඳහා ලොතරැයි මණ්ඩල වල වෙළෙඳ දැන්වීම් ලබා දෙමින් හා එම වෙබ් කරුවන්ට මුදල් ලබා දෙමින් ජනතා මුදල් ඒ සඳහා නිර්ලජ්ජිතව භාවිතා කිරීමට ඔහු පෙළඹී සිටීම කොතරම් අභාග්‍යක්ද?

තවද රාජපක්ෂ රජිමයේ මෙන්ම විවිධ වංචා දුෂණ වලට එරෙහිව හඬ නගමින් සමාජ මාධ්‍ය තුල යහපාලනය රජය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුකල ලංකා ඊ නිවුස් වැනි වෙබ් අඩවි පවා තම හෘද සාක්ෂිය බල්ලට දමමින් මුදල් වලට තම කොන්ද නමින් රවී වෙනුවෙන් කැම්පේන් කිරීම පටන්ගෙන ඇත්තේ ධනයට බලයට සියල්ල යට කිරීමට හැකිද යන්න ප්‍රශ්නාර්ථයක් කරමිනි.

මුදල් වලට හා වෙනත් බල කිරීම් වලට කොන්ද නමන තුට්ටු දෙකේ සමාජ ජාල පිටු හා වෙබ් මාධ්‍ය වේදීන්ට කීමට ඇත්තේ රාජපක්ෂ සමයේ නොතිබූ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීමට කටයුතු කල ඔබලා මේ රටේ දුෂණය හා වංචාව නැති කිරීමට කටයුතු කිරීම පසෙකලා හොරුන්ට කඩේ යන්නේනම් ඔබලාගේ මාධ්‍ය සදාචාරය කුමක්ද කියාය.

පුරවැසි මාධ්‍ය ලෙස වෙබ් හා සමාජ ජාල කැපවිය යුත්තේ රවී වැනි තක්කඩියන්ට කඩේ යාමට නොව ධනයට බලයට යට නොවී මේ රටේ මහජනයා වෙනුවෙන් හඬ නැගීමටය. එසේ නැතහොත් ඔබලාව ජනතාවට එපා වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

  • පුවත් මුලාශ්‍රය – lankanewsnow.com

more recommended stories

%d bloggers like this: