ජනපති මෛත්‍රීට කොරියාවේදී අනපේක්ෂිතව හමුවූ අමුත්තා මෙන්න..!

ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන දකුණු කොරියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින අතරවාරයේ ජනාධිපතිවරයා සහ දකුණු කොරියාවේ ජනාධිපති මුන් ජෙයින් අතර අනපේක්ෂිත මිත්‍ර හමුවක් සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රාජ්‍ය නායකයන් දෙදෙනා අතර නිල සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ බදාදාය. (නොවැම්බර් 29)

ඒ අතර ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා පිළිබඳ “සිය පැහැදීම පළ කරමින් ජනාධිපතිතුමා උණුසුම් ලෙස පිළිගැනීමට” දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සෝල් නුවර ජොග්යේසා පෞරාණික බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේය.

“සියලූදෙනා පුදුමයට පත්කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැමිණෙන පෙර මග බලා සිටියේය,” යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

“එහිදී ජනාධිපතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිතුමා සිය නිල හමුව හෙට දිනට යෙදී තිබුණු ද ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත‍්‍රශීලි පිළිගැනීමක් ලබාදීමට තමා මෙහි පැමිණි බව කියා සිටියේය.”

මෙම “නිහතමානී සහ විශිෂ්ඨ පිළිගැනීම” වෙනුවෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය ස්තූතිය සහ ගෞරවය පිරි නමා තිබේ.

ට්විටර් පණිවුඩයක් මගින් ද ඒ පිළිබඳව සිය ප්‍රමාණය පුද කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ නිල හමුවීමට දිනට ප්‍රථම තමන්ට මේ ආකාරයට රාජ්‍ය නායකයෙකු මුණගැසුනේ ප්‍රථම වතාවට බව ද සඳහන් කරයි.

එහිදී අදහස් දැක්වූ දකුණු කොරියානු ජනාධිපතිවරයා, අධිරාජ්‍යවාදයට යටත්ව සිටි ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව රටවල් දෙකම පසුව යුද අත්දැකීම්වලට ද මුහුණදී අවසානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කළ රටවල් යයි පෙන්වා දුන් බව ද මාධ්‍ය නිවේදනය සඳහන් කරයි.

more recommended stories

%d bloggers like this: