පුතෙකු විසින් වාහනයකින් රැගෙන විත් කට්ට කරවෙන අව්වේ මහමග දමා ගිය මව් සෙනෙහස (PHOTOS & VIDEOS)

අතීතයේ කිසා ගෝතමිය තම මල දරුවා අැකයේ හොවා ගෙන කිසිවකුත් නොමල ගෙයකින් අබ මිටක් සොයා ගියේ තම දරුවා ජිවත් කර ගැනිම සදහාය. දරුවන්ට අපමණ ආදරයෙන් සෙනෙහසින් කටයුතු කළ දයාබර මෑණිවරුන්ට උදාහරණ  අතිත ඉතිහාස කතාවලින් ඕනෑ තරම් අපට ගත හැකිය. දෙමාපියන් දරුවන් වෙනුවෙන් එසේ කැපකිරීම් කළද නූතන සමාජයේ ඇතැම් දරුවන් තම මව පියාට සලකන්නේ තිරිසන් සතුන්ට සලකනවාටත් පඩා පහත් අන්දමටය.

වත්මන් ලෝකය ආර්ථික, දේශපාලන,තාක්ෂණික ආදි විවිධ පැතිකඩ ඔස්සේ වේගයෙන් ඉදිරියට යමින් සිටියද මනුසත් ගුණ ධර්ම අතින් සිටින්නේ බිංදුවේය. තිරිසන් සතුන් තුල පවා පවතින ආදරය,ලෙන්ගතුකම,දයාබරත්වය යන ගුණ ධර්ම මිනිසුන් තුළින් බලාපොරොත්තු වීමද ප්‍රස්නාර්ථයකි.

එලෙස පහත් මානසිකත්වයකින් පෙළෙන නූතන අජාසත්ත පුතෙකු විසින් තම කැත කුණු අතගා දිවා රෑ වෙහෙස නොබලා මෙලොවට ආදරණීය මෑණීයන් මීගමුව නගරයට ගෙනත් දමා ගොස් තිබේ.

ඒ ගැන මුහුණුපොතේ සටහන් වී තිබුණේ මෙලෙසිනි…

“මනුස්සකම මොණර කොල වලට විකිණේන ලොකයේ මවු සෙනෙහස කට්ට කන අවුවේ පාරේ කර වෙනවා දුටිමි”
මේ දැන් විනාඩි 10කට කලින් සිදුවිමක්.මම රැවුල කැපිම සදහා මීගමුව ටවුන් එකට පැම්ණියේය.රැවුල කපාගෙන නැවත මා බසය නවත්වන තැනට පාර මරුවන විට එතනම ස්ටැන්ඩ් එක අසල අවුවේ සිටින මවක් දුටුවෙමි,ඇයට කැම එකක්ද දි ඇය සමග කතා කලේය.අද උදේ පාන්දර එ මවගේ පුතා මව වාහනයකින් රැගෙන විත් ස්ටැන්ඩ් එකේ දමා ගොස් ඇත.ඇය මගේ මවක් නොවුවද මගේ හදවතට එය තදින් දැනුණි.ස්ටැන්ඩ් එකේ උඩ තට්ටුවේ ඇති පොලිස් මුරපලේ නීලධාරින්ද මේ පිළිබඳ දැනුවත් කර මා පැමිණියේය.අද මෙහාට කට්ට කන අවුවක්,එ මව මේ වගේ තැනක දමා යන්න තරම් අධර්ම දරුවන් අප අතර සිටීම සැබැවින්ම දුකට කාරණයකි,උදේ සිට මේ දක්වා අවුවේ කරවෙමින් මව පුතා ගැන දොඩවයි.කවදාවත් වදපු මවට පියාට ගින්දරක් දෙන්න එපා,කවදාවත් එයාලට යාදෙන්නේ නැ.කිසිම ආගම කියලා නැ දේමවුපියන්ට සලකන්න එපා කියලා.මගේ යාළුවනේ කවදාවත් ඔයාලා ඔයාලගේ දේමවුපියන්ට මෙහෙම සලකන්න එපා.දරුවන්ගේ කරදඩු උස් මහත් වුනාට බඩේ බත් නැතුවයි දරුවන්ව දේමවුපියො පොශණය කරන්නේ.මම සල්ලිකාරයෙක් නෙමෙයි.එත්,පුලුවන් විදියට මිනිසුන්ට උදවු කරනවා.මේ Post එක වටිනවා කියලා හිතනවානම් Share කරලා දැනුවත් කරන්න.

 

more recommended stories

%d bloggers like this: