පොහොට්ටුව දිනූ සතුටට පාසල් සිසුන්ට මත්පැන් පොවලා – එක් සිසුවෙකු මරුට (PHOTOS)

මැතිවරණ ජය සමරන්න පොහොට්ටුවේ අපේක්ෂකයා පාසල් සිසුන් 16 දෙනෙකු වෙනුවෙන් පැවැත්වූ මත්පැන් සාදයේදී එක් පාසල් සිසුවෙක් මරණයට පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේමැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකළ පාසල් සිසුන් 16 දෙනෙකු වෙනුවෙන් අදාළ අපේක්ෂකයා විසින් සිය ජයග‍්‍රහණයෙන් පසුව ඔයක් අසබඩ පැවැත්වූ මත්පැන් සාදය අතරවාරයේ එක් පාසල් සිසුවෙකු ඔයෙහි ගිලී මියගොස් ඇතැයි පින්දෙනිය පොලීසිය පවසයි.

පින්දෙනිය පොලිස් වසමේ කිවුල්දෙනිය, මානඇල්ල උඳුගොඩ ඔය සම්බන්ධ වන ස්ථානයේ මත්පැන් පානය කිරීමෙන් පසුව දිය නෑමට යෑමේදී මෙසේ මියගොස් ඇත්තේ පී.එච්. දමිත් සුරංග නම් වයස අවුරුදු 18ක තරුණයකි. එම පාසල් සිසුවා පලමුරේ, නියදුරුපොල, වරකාපොළ යන ලිපිනයේ පදිංචි අයෙකි. ඔහු ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක 13 වසර ඉගෙනුම ලබමින් සිටි ඉතා දක්ෂ සිසුවෙකු බවද සඳහන් වේ.

more recommended stories

%d bloggers like this: