බ්‍රිගේඩියර් ප්‍රියංකර නැවත සේවයේ පිහිටුවන්න ජනපති නියම කරයි..!

බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදීන් කරපු උද්ඝෝෂණයකට බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු දක්වපු ප්‍රතිචාරය ගැන හැමෝම කතා කරා. ලෝක පුවත් සේවාවන් පවා මේ ගැන කතා කරලා තිබ්බා. බ්‍රිතාන්‍යයේ සර්වපාක්ෂික මන්ත්‍රී පිරිසක් බ්‍රිගේඩියවරයාව ඉක්මනටම පිටුවහල් කරන්න කියලා පැමිණිලි කරලා තිබ්බා.

පසුගිය 4 වනදා නිදහස් දිනය දා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ උද්ඝෝෂණය අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා සිදුකල හැසිරීම සම්බන්ධයෙන් මේ වනවිට සියල්ලන්ගේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර ඊයේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි.

ඔහු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශක ලෙස සේවයේ නිරතව සිටියා.

ශ්‍රි ලංකාවේ 70 වෙනි නිදහස් සැමරුමට එරෙහිව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට පැමිණි එල්.ටී.ටී.ඊ හිතවාදීන් මෙලෙස උද්ඝෝෂණයක නිරත වුණා.

එම අවස්ථාවේදී අදාල කාර්යාලයේ සිටි ශ්‍රී ලංකා නියෝජිතයින් පිටතට පැමිණියා.

එහිදී බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා උද්ඝෝෂකයින් ඉදිරිපිටදී මෙවන් අභිනයක් ඉදිරිපත් කරන ආකාරය සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වී තිබුණා.

විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ අදාල වීඩියෝව සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය දැඩි අවධානයක් යොමු කල බවයි.

ඒ අනුව අදාල නිලධාරීයාගේ සේවය අත්හිටුවන ලෙසට විදේශ අමාත්‍යාංශය මහාබ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට දැනුම්දී තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ අදාල නිලධාරියාගේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව මූලික පරීක්ෂණ ආරම්භ කරනු ඇති බවයි.

අදාළ විරෝධතාවයෙන් අනතුරුව විරෝධතාවයේ නිරත පුද්ගලයන් නැගූ ගැටළු කිහිපයකට පිළිතුරු ලබාදුන් අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත්වී තිබෙනවා.

මේ සිද්ධිය අාරංචි වුණ ගමන් විදේශ කටයුතු අමාත්‍යංශය බ්‍රිගේඩියගේ වගකීම් සියල්ලම ඉවත් කරා. එ් ගැන ලංකාවෙන් ලොකු විරෝධයක් රජයට එල්ල වුණා. නමුත් ජනාධිපතිතුමා, බ්‍රිගේඩියගේ සියලුම වගකීම් නැවත ලබාදීලා සේවයේ පිහිටුවන්න කියලා නියෝග කරලා තියෙනවා. එ් නිසා නැවතත් බ්‍රිගේඩියර්ට සුපුරුදු පරිදි සේවය කරන්න පුළුවන්.

කොහොම වුනත් විදේශ කටයුතු අාමාත්‍යංශයෙන් මේ ගැන පරීක්ෂණයක් කරන්න නියමිතයි. එ් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව යුධ හමුදාව පරීක්ෂණයක් කරනවාද නැද්ද කියලා තීරණය කරනවා.

more recommended stories

%d bloggers like this: