මහින්ද රවීට දුන්න රහස්‍ය දුරකථන ඇමතුමක් ගැන ජනපති හෙළිකල දේ (VIDEO)

ගරු අගමැතිතුමනි හිරේ දානවුන් හිරේ දාන්න ඒකට පසුබට වෙන්න එපා. මට ශක්තිය දෙන්න.. මාව දුර්වල කරන්න එපා කියල මං ආණ්ඩුවේ විපක්‍ෂයේ සියළු දෙනාගෙන් මං ඉල්ලනව’ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.ඔහු මෙසේ කියා සිටියේ මහනුවරදී පැවති එක්සත් ජනතා නිදහස් සන්දාන ජනරැළියක් අමතමිනි.

අද මහබැංකු වාර්තාව ගැන වේදිකාවේ කෑ ගසන හිටපු නායකයා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඒ සදහා ඡන්දය භාවිතා නොකර රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිට වූ විගස දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට සුබ පැතූ අයුරු ද තමා හොදින් දන්නා බව ජනාධිපතිතුමා පැවසීය. එමෙන්ම මහ බැංකු බැදුම්කර වාර්තාව පිළිබද කුමන අන්දමින් කතා කළත් මෙම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2008 වසරේ සිට බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පෙන්වා දී තිබෙන බව ඔවුන් අමතක නොකළ යුතු බවද ජනාධිපතිතුමා පැවසීය.

වීඩියෝව පහතින් නරඹන්න,

 

 

more recommended stories

%d bloggers like this: