මොරගහකන්ද; ලංකාවේ අවසාන වාරි ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීම ජනවාරි 8 ජනපති සුරතින්

මෙරට ඉදිවූ  අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ මංගල දියවර නිතුක් කිරීම ජනවාරි 08 වෙනිදා සිදුකිරීමට නියමිත බව මොරගහකන්ද හා කළුගඟ සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජයරත්න පවසනවා.

එමෙන්ම ව්‍යාපෘතිය ඉදිකළ  චීන සමාගම විසින් නිලවශයෙන් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය භාරදීම ලෙසද මෙය හදුන්වනවා.

වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල හෙක්ටයාර් අසූ දෙදහසක වගා බිම් සඳහා යල මහ දෙකන්නයට  දියවර නිකුත් කිරිම මිට සමගාමිව සිදුකිරීමට නියමිතයි.

2007 ජනවාරි 25 වන දින ඉදිකිරිම ආරම්භ කරන ලද මොරගහකන්ද ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසකි.රුපියල් කෝටි දහඅටදහස් එකසීයක පමණ  වියදමින් ඉදිකර ඇති මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා.

නකල්ස් කඳු  නිම්නයේ සිට වසර ගනනාවක් තිස්සේ අඹන්ගඟ  හරහා ගලා ගිය ජල කඳ  හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගඟ  හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි.

ලංකාවේ දී දැකිය හැකි ගල් පිරවු ප්‍රධාන වෙල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වේල්ලක් මෙන්ම පස් වලින් සැදු වේල්ලක් යන වේලි තුනකින් යුතු එකම ජලාශ මොරගහකන්ද ජලාශය වීම ද විශේෂත්වයකි.

මෙම ව්‍යාපෘතියෙන්  පළාත් තුනක වෙසෙන දහස් ගනනක් වු ගොවි පවුල් සඳහා ඝෘජු ආර්ථික වටිනාකමක් සැලසෙන අතර  කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහනේ අවසන් වාරි ව්‍යාපෘතිය ලෙසද මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපාතිය හදුන්වනු ලබනවා.

more recommended stories

%d bloggers like this: