රටේ දේශපාලන සංස්කෘතියේ අවභාවිතය නිසා මොරගහකන්ද ජලාශයේ වැඩකටයුතු වසර පහක් ප්‍රමාද වූ හැටි ජනපති කියයි

මේ රටේ දේශපාලනයේ ඇති ඛිෙදවාචකය සහ රටේ දේශපාලන සංස්කෘතියේ ඇති ප්‍රධාන අවභාවිතය නිසා මීට වසර පහකට පෙර අවසන් කිරීමට තිබූ මොරගහකන්ද ජලාශය මෙතරම් කාලයක් ප්‍රමාද වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

‍පොල්ගොල්ල වේල්ල අසලදී පෙරේදා (08) පස්වරුවේ පැවති ‘සාලිස් වසරක මහවැලි අසිරිය’ ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.

එහිදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද පැවසීය.

මේ රටේ ජාතික ආර්ථිකයට, මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය යටතේ තවත් ඓතිහාසික කාර්යයක් ඉටුවන උතුම් අවස්ථාවේදී ඔබ සමග එක්වීමට ලැබීම පිළිබ`දව  මා ඉතාමත් සතුටු වෙනවා.

මහවැලි සංවර්ධන ව්‍යාපාරය පිළිබ`දව අපේ රටේ පාසල් දරුවාගේ සිට සමස්ත ජනතාව දැනුවත් වී තිබෙනවා.  මහවැලි ව්‍යාපාරය පිළිබ`දව කතා කිරීම ආරම්භ කළේ මේ රටේ දේශපාලනඥයින්, විද්වතුන් 1930, 40 දශකයේ සිට.

එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ මැතිතුමා මහවැලිය උතුරට හැරවීම පිළිබ`දව කතා කර තිබෙනවා. ඒ සාකච්ඡුා සංවාදවල ප‍්‍රතිඵලයක්  විදියට තමයි මහවැලි සංවර්ධන ව්‍යාපාරය පිළිබ`දව මොරගහකන්ද ප‍්‍රමුඛව මූලික ශක්‍යතා අධ්‍යයන ආරම්භ කිරීම සිදු වුණේ. 1954 මහවැලි ව්‍යාපාරය පිළිබ`දව මූලික අධ්‍යයනයක් කළ වර්ෂයක් විදියට ඉතිහාසයේ ස`දහන් වෙනවා. ඒ වගේම මොරගහකන්ද ව්‍යාපාරය ගතහොත් මොරගහකන්ද ව්‍යාපාරය පිළිබ`දව ශක්‍යතා අධ්‍යයන තුනක් සිදු වී තිබෙනවා. මෛතී‍්‍රපාල සේනානායක මැතිතුමා, ගාමිණි දිසානායක මැතිතුමා,  2000 වර්ෂයේ  මම මහවැලි ඇමැතිවරයා විදියට ඒ අවසන් ශක්‍යතා අධ්‍යයන සිදු කළා. ඊට පෙර 50 දශකයේ 60 දශකයේ ශක්‍යතා අධ්‍යයනය කර තිබෙනවා. ඇතැම් විට සැලසුම් සකස් කර තිබෙනවා.

1970 පෙබරවාරි මාසේ ඩඞ්ලි සේනානායක අගමැතිතුමාගේ රාජ්‍ය පාලනය තුළ එවකට පොළොන්නරුව නියෝජනය කළ සී.පී. ද සිල්වා මැතිතුමා පළමුවැනි මහවැලි අමාත්‍යවරයා විදිහට ඩඞ්ලි සේනානායක මැතිතුමා සමග පොල්ගොල්ල වේල්ලේ වැඩ කටයුතු ආරම්භ කිරීමට මුල්ගල් තැබුවා.

1976 ජනවාරි මාසේ 08 වැනිදා මේ වේල්ලේ වැඩ අවසන් වෙලා බණ්ඩාරනායක මැතිනිය, මෛතී‍්‍රපාල සේනානායක මැතිතුමා  සමග රජරටට ජලය හැරවීම සිදු කළා. 76 ජනවාරි 08 වැනිදා පොල්ගොල්ලෙන් රජරටට හැරවූ උත්සවයට මමත් පාරේ යන බස් එකක  නැගලා ඇවිල්ලා මේ වේල්ලේ අයිනකට වෙලා ඒ උත්සවය එදා බලාගෙන හිටියා. එදා මෙදා කාලය තුළ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සිදු වු වෙනස්කම් මුල්් කර ගනිමින් ඔබ අප කවුරුත් දන්නවා මේ රටේ ප‍්‍රමුඛතම බහුකාර්ය මහා යෝජනා ක‍්‍රමය විදියට මහවැලි සංවර්ධන මහ සැලැස්ම 1977 ජේ.ආර්. ජයවර්ධන  ජනාධිපතිතුමාගේ රජය යටතේ මා මිත‍්‍ර ගාමිණි දිසානායක ඇමැතිවරයාගේ නායකත්වය තුළින් වැඩ ආරම්භ කෙරුණා.

ඒ වන විට බණ්ඩාරනායක මැතිනියගේ යුගය 60 දශකයේ ගතහොත් ඒ වගේම 70,  කාලය ගත හොත්  සෝව්යට් ඉංජිනේරුවරු වසර 30ක කාලයකින් මහවැලි මහ සැලැස්ම අවසන් කිරීමටයි  සැලසුම් කරලා තිබුණේ. නමුත් 77 රජය කර්මාන්ත ස`දහා දුන් ප‍්‍රමුඛත්වයත් ඒ ස`දහා අවශ්‍ය විදුලිබල උත්පාදනයත් මුල් කරගනිමින් කඩිනම් මහවැලි වැඩසටහන ගාමිණි දිසානායක මැතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කළා.

ගාමිණි දිසානායක මැතිතුමා මහවැලි සංවර්ධන ව්‍යාපාරය හා  ගත් විට  දැඩිව බැ`දුණු මේ රටේ කිසිවකුට අමතක කළ නොහැකි ශ්‍රේෂ්ඨ චරිතයක්.  නවීන් දිසානායක මහතා මෙතැන ඉන්නවා. ගාමිණි දිසානායක මැතිතුමාගේ කාලය තුළ කොත්මලේ, රන්දෙණිගල, වික්ටෝරියා, රන්ටැඹේ, මාදුරුඔය  වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන්කම ලැබුණා.

මොරගහකන්ද පිළිබ`දව කතාව ඒ ගෙවී ගිය දශක කිහිපයේදීම සාකච්ජාවට ලක් වුණත්  මෙය කෘෂිකර්මාන්තය ස`දහා ප‍්‍රමුඛ මහා ව්‍යාපෘතියක්. මෙමගින් විදුලිබල උත්පාදනය ඉතා අවම අගයකයි තියෙන්නේ. එනම් මෙගා වොට් 26,27 වැනි ප‍්‍රමාණයක්. ඒ යුගයෙදී මොරගහකන්ද පිළිබ`දව එතරම් අවධානයක් යොමු වුණේ නැහැ. එහෙත් අපි පාසල් යන කාලේ සිටම අනුරාධපුර, පොළොන්නරුව, ති‍්‍රකුණාමලය, වව්නියා, උතුරු පළාත, නැගෙනහිර ඒ සියලූ පළාත්වල අපි මැතිවරණ වේදිකාවල ඇහුවා මොරගහකන්ද ජලාශය පිළිබ`දව. සියලූ දේශපාලන පක්ෂවල නායකයින් සෑම මැතිවරණයකදීම මොරගහකන්ද ව්‍යාපෘතිය ගැන කතා කළා.

මේ අද අපි කළ උත්සවය  වන ජලය නිකුත් කිරීම වගේම වේල්ලේ වැඩ අවසන් කරලා භාර ගැනීම අපිට කරන්නට නියමිතව තිිබුණේ මීට අවුරුදු 5 කට පෙරයි. එහෙත් මේ රටේ දේශපාලනයේ  ඛේදවාචකය සහ පැහැදිලි ලෙසම මේ රටේ දේශපාලන සංස්කෘතියේ ඇති ප‍්‍රධාන අවභාවිතයන් පිළිබ`දව කතා කළ හොත්  ඒ ජලය ලබාගන්න ජනතාවට අවුරුදු පහක් ගත වුණා  මීට අවුරුදු පහකට කළින් අවසන් කරන්න තිබුණ ව්‍යාපෘතියක් මේ.

මේ යෝධ ව්‍යාපෘතිය තුළ මේ රටේ ආර්ථිකයේ විශාල වෙනසක් ඇති වෙනවා. ගොවි ජන ශිෂ්ටාචාරයේ, ගොවි ජන සංස්කෘතියේ මහා පරිවර්තනයක්, වෙනසක් වෙනවා. අපේ ජාතික ආර්ථිකයට මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් වැඩ අවසන් වන විට ප‍්‍රබල ශක්තියක් ලබා දෙනවා.

එදා පෙර රජ දවස සහලින් ස්වයංපෝෂිත වූ යුග ඒ ඉතිහාසය තුළ ඔබ අප දන්නවා.  අපට මේ ව්‍යාපෘති තුුළ අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙලා ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වීමත් මේ රටේ කෘෂිකර්මාන්තය වගේම මේ ව්‍යාපෘතියේ අතුරු ප‍්‍රථිපලයක් ලෙස ධීවර ක්ෂේත‍්‍රයේ වර්ධනය, කර්මාන්ත, පානීය ජලය ආදී මෙවැනි අංශ ගණනාවක පුළුල් සංවර්ධන කාර්යයන් රාශියක් ඉෂ්ට වෙනවා. ඒ නිසා මොරගහකන්ද වගේම මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් මේ රටේ ආර්ථිකයට දෙන දායකත්වය වගේම අනාගතයේ සමෘද්ධිමත් රටක් ගොඩනගන්න ශක්තිමත් පදනමක් මේ යෝධ සංවර්ධන ව්‍යාපාරය තුළ ඇතිවෙනවා. මේ වනවිට පවතින නිය`ග තත්ත්වය ඔබ දන්නවා. දැන් වසර දෙකක් මේ නිය`ග තත්ත්වය තිබෙනවා. මෙය අපට පමණක් නෙවෙයි. අසල්වැසි රටවල තත්ත්වයත් එයයි. දකුණු ඉන්දියාවෙත් නිය`ගය නිසා කෘෂිකර්මාන්තය වගේම පානීය ජල ප‍්‍රශ්නත් ඇවිත්. මේ කලාය තුළ බොහෝ රටවල්වලට වියළි කාලගුණ තත්ත්වය තිබෙනවා.

ආර්ථික අතින් වඩාත් ශක්තිමත් රටක් ලෙස ඉදිරියට යන්නට රටේ ජනතාවට හැකිවේවා කියා අපි ප‍්‍රාර්ථනා කරනවා. ඒ ප‍්‍රාර්ථනාව ඉටුවෙන්න සොබාව ධර්මයාගේ පිහිට ආරක්ෂාව ලැබෙන බවට අපි විශ්වාස කරනවා. කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර කරා ගමන්කරන මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රතිඵල ලබා ගැනීමට පසුගිය කාල සීමාව තුළ මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් හැකිවුණා වගේම අනාගතය තුළ විශාල වශයෙන් එහි ප‍්‍රතිඵල අපට ලැබෙනවා.

මොරගහකන්දෙන් පමණක් හෙක්ටයාර් 82000 කට වැඩි ප‍්‍රමාණයක් නව කෘෂිකාර්මික ව්‍යාපාර සංවර්ධනය කිරීම ස`දහා අපේ කෙත් බිම් තෙත් කරන්නට හැකි යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස අනෙකුත් විවිධ අංශවල ඇතිවෙන වෙනස්කම් තුළ මේ රටේ ආර්ථිකයට පමණක් නෙවෙයි සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට මේ තුළින් විශාල පිටිවහලක් ශක්තියක් ලැබෙනවා. රජරට වකුගඩු රෝගය නමින් හැ`දින්වූ රෝගයට හේතුව පිරිසිදු ජලය නොමැතිවීම බව ඔබ දන්නවා. මේ ව්‍යපෘතිවල ප‍්‍රතිඵල විදියට අනාගතයේ දී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අරමුණ ඉටුකර ගන්නට අපට පුළුවන්කම ලැබෙනවා.

1976 ජනවාරි 8 රජරට ප‍්‍රදේශයට ජලය හරවන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දී මහවැලි ගීතය එදා ගායනා කළේ ගීතයට විශාල බලයක් ශක්තියක් දුන්න විශාරද පණ්ඩිත් අමරදේවයන් කියන එක අපි අමතක නොකළ යුතුයි. මහවැලියත් සමග මහවැලි ගීතයත් මහවැලි ගීතයත් සමග අමරදේවයන්ගේ හ`ඩ මහවැලි ව්‍යාපාරය ගෙනයාමට විශාල ප‍්‍රබෝධයක් ලැබුවා. විශාරද අමරසිරි පීරිස් මහතා අද මෙහි නව ගීතයක් ගායනා කළා. මොරගහකන්ද ජලාශයේ ගීතය විදියට. අමරසිරි පීරිස් මහතාත් මේ රටේ දැවැන්ත කලාකරුවෙක් විදියට මහවැලි ව්‍යාපාරයට අද සිට එකතුවෙන කලාකරුවෙක් ලෙස මම ඒ මහතාට ස්තුතිවන්ත වෙනවා ඔහුගේ දායකත්වය ලබාදීම සම්බන්ධයෙන්.

මහවැලි ව්‍යාපාරයේ මහවැලි පංච මහා ජලාශවල අවසන් ව්‍යාපෘතිය විදියට මොරගහකන්ද ජලාශයේ වැඩ අවසන් කරලා අද මේ පවත්වන උත්සවය අවස්ථාවේදී එදා මෙදා තුර පංචමහා ජලාශ විතරක් නොව මහවැලි ව්‍යාපාරය පිළිබ`දව 1930-40 දශකයේ කතාකළ විද්වතුන්, දේශපාලනඥයින් 60-70 දශකයේ දී ශක්‍යතා අධ්‍යයන සැලසුම් කළ ප‍්‍රධාන වශයෙන්ම ඉංජිනේරුවරුන්, කාර්මික ශිල්පීන්, තාක්ෂණවේදීන්  ආදී ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයාගේ සිට කම්කරුවා දක්වා තම දැනුම, බුද්ධිය, පරිණතභාවය, ශ‍්‍රමය කැපකළ සියලූ දෙනාට ස්තුතිවන්ත විය යුතුයි.

මොරගහකන්ද ජලාශයේ වැඩ අවසන් කළ අවස්ථාවේ කිහිපදෙනෙක් මට යෝජනා කළා මොරගහකන්ද ජලාශට අපි නමක් යොදමුයි කියලා. ඒ අවස්ථාවේ මට ඉදිරිපත් කළ ඒ අදහස් සියල්ල ප‍්‍රතික්ෂේප කරලා මම කිව්වා අද මේ උත්සවයේදී මම මොරගහකන්ද ජලාශට නමක් යෝජනා කරනවා ඒ නමින් ඉදිරියේ දී අපි  මොරගහකන්ද ජලාශය හ`දුන්වමු කියලා. ඒ තමයි මේ රටේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවරයෙක් වූ ඉංජිනේරු ක්ෂේත‍්‍රයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශිෂ්ට සේවයක් කළ සැබෑ මානවවාදියෙක් වු 1994 දී මා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මොරගහකන්ද ජලාශය පිළිබ`දව දැඩි උනන්දුවකින් කටයුතු කළ අවස්ථාවේ මට මග පෙන්වමින් මොරගහකන්ද මහා කැලෑවේ මාත් සමග කැලෑවට ඇතුළුවෙලා සිතියම් අරගෙන ඒවා පෙන්වමින් මෙතන තමයි වේල්ල හදන්න  ඕනෑ, මෙතැනින් තමයි ඇළවල් යන්න  ඕනෑයි කියමින් මග පෙන්වනු ලැබූ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මැතිතුමාගේ නමින් මොරගහකන්ද ජලාශය නම් කළ යුතුයි කියලා මා මේ අවස්ථාවේ දී යෝජනා කරනවා.

ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මැතිතුමා මේ රටේ පමණක් නොව ලෝකයේම ප‍්‍රසිද්ධ ඉංජිනේරුවරයෙක්. ලී ක්වාන් යූ විසින්  සිංගප්පූරුව ගොඩනැගීමේදී සිංගප්පූරු නගරයේ ඉදිකළ ප‍්‍රධාන ගොඩනැගිලි සැලසුම් කරන්න සිංගප්පූරුවට ගිහිල්ලා ශ‍්‍රී ලාංකික දක්ෂකම් පෙන්වූ විශිෂ්ටයෙක් තමයි ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මැතිතුමා. එතුමා නමින් මේ ජලාශය නම් කිරීමට මා යෝජනා කළේ එතුමාට ගෞරව කරනවා වගේම මේ රටේ ගෙවී ගිය දශක කිහිපයේ මහ වැව්, ජලාශ, මහ අමුණු ආදී ඒ සියල්ල ඉදිකිරිමට සිය දැනුම, ශක්තිය ආදියෙන් කැපවූ ජීවත්වන වගේම දැනට ජීවතුන් අතර නැති සියලූම ඉංජිනේරුවරුන්ට ගෞරව කිරීමක් වශයෙන් බව ද මා මෙහිදී ස`දහන් කරන්නට කැමතියි.

‘සාලිස් වසරක මහවැලි අසිරිය’ ජාතික මහෝත්සවය නිමිත්තෙන් පැවති පාපැදි තරගයේ ජයග්‍රාහකයන්ට තිළිණ ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ෙතේ‍රනිකායික මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහ දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයෝ රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

නිලන්ත බක්මීවැව

more recommended stories

%d bloggers like this: