විෂ කවා වෙඩි තබා මැරූ තනි දළයාට වනජීවී නිලධාරීන් පාංශුකූලය දුන් හැටි..! (PHOTOS)

පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂිතය තුළ ඝාතනය කර තිබියදී හමුවූ ‘තනි දළයා’ හස්තියාට පින් පිණිස පාංශුකූල චාරිත්‍රය කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබුණා.

ඒ එම හස්තියා මියගොස් සිටි ස්ථානයේදීම යි.

හස්තියාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදු කෙරුණු අතර මරණයට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ විෂක් ශරීරගත වීමයි.

කෙසේ වෙතත් හස්තියාගේ සිරුර පුරා වෙඩි පහර බොහොමයක් ද දක්නට ලැබෙනවා.

මෙම ‘තනි දළයා’ගෙන් අවට ප්‍රදේශවලට කිසිදු හානියක් නොවූ බව ප්‍රදේශවාසීන් පවසන අතර මෙම සත්ත්වයා අවුරුදු 25 – 30ක පමණ වයසේ පසුව ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කරනවා.

මේ අතර තනි දළයාගේ මරණයත් සමග මෙරට වනඅලි ඝාතන පිළිබඳ කතාබහ නැවතත් සමාජ ජාල අතර හටගෙන තිබෙනවා.

බොහෝ දෙනෙකු චෝදනා නගන්නේ වනජීවී නිලධාරීන් ඇතුළු වගකිව යුත්තන් සිය රාජකාරිය නිවැරදිව ඉටු නොකිරීම, මෙවැනි ව්‍යසනයන්ට හේතු වී ඇති බවයි.

ඝාතනය කළ සතුන් සොයාගොස් පාංශුකූලය දීම නොව එමෙන්ම සතුන් මරණයෙන් බේරාගැනීමට කැපවිය යුතු බවයි සමාජ ජාල මාධ්‍ය තුළ අදහස් පළ වී ඇත්තේ.

more recommended stories

%d bloggers like this: