වීඩියෝවක් පෙන්වූ පළියට දඬුවම් කරන්න බෑ – යුද හමුදාපති කියයි

සමාජජාල මාධ්‍ය ඔස්සේ වීඩියෝ පළ වූ පළියට හමුදා නිලධාරින්ව තනතුරුවලින් ඉවත් නොකරන බවත්, පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව තීරණය කළ යුතු බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා “රිවිර කළ විමසුමකදී පැවසීය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එල්ටීටීඊ හිතවාදීන්ගේ විරෝධතා පැවැත්වෙන අතරතුර ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් පරීක්ෂණයක් කර ඒ පිළිබඳ ගත යුතු පියවර තීරණය කරන බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

හැත්තෑවැනි ජාතික නිදහස් දිනය දා (94) බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුළ නිදහස් සැමරුම් උත්සවය පැවැත්වෙන අවස්ථාවේ එය ඉදිරිපිට උද්ඝෝෂණය කළ එල්ටීටීඊ හිතවාදීන්ට කළ සංඥාවක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුහට චෝදනා එල්ල කර තිබිණ.

වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් කොටි බළකොටුව හා ඒ අවට ගම්වාසීන් මුදා ගැනීමේ සටනට 591 බලසේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්තු අණදෙන නිලධාරි ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු (එවකට කර්නල්) සුවිශාල මෙහෙවරක් ඉටු කළ අයෙකි.

කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිරකරගෙන සිටි මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තම මිතුරන් මාර්ගයෙන් කෑම බිම, ‍පොත්පත්, සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දෙමින් මුලංකාවිල් ද්‍රවිඩ ජානතාවගේ වීරයකු ලෙසින් ප්‍රකට වූ චරිතයක් ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නමක් දිනාගෙන ඇත.

ජාතිභේදයකින් තොරව තම කඳවුරට එන සෑම අයකුටම කෑම බිම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස් අතින් නොයවන්නටත් කටයුතු කළ නිලධාරියකු ලෙස මොහු ප්‍රකටය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

more recommended stories

%d bloggers like this: