ශ්‍රී පාද රක්ෂිතයෙන් හමුවූ කලුගල් පොත්තේ පා සටහන්වල සැඟවුණු ඇත්ත කතාව හෙළිවේ..! – (PHOTOS)

ශ්‍රී පාද රක්ෂිතය ආසන්නයේ ඇති ගල් තලාවක අප්‍රකට පිහිටා තිබූ පා සටහන් පිළිබඳ පුවතට මේ වන විට විවිධ මත ඔස්සේ අදහස් පළ වනවා.

කලු ගල් තලාවක ඇතුළට නෙරා ගිය මිනිස් පා සටහන් දෙකක සලකුණු බොහෝ දෙනෙ‍කුගේ අවධානයට ලක් වූ අතර එය දැක ගැනීම පිණිස දස දහස් ගණන් පිරිස් මේ වන විට එහි ඇදී එන්නට පටන් ගෙන තිබෙනවා.

මෙහි මිනිස් පා සටහන් දෙකක්ම එක සමීපයේ දක්නට ලැබීම විශේෂත්වයක්. එමෙන්ම මෙය ප්‍රමාණයෙන් අඩි එකහමාර බැගින් වුවද සාමාන්‍ය මිනිසෙකුගේ පා සටහනකට සමාන බවයි එම ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.

මෙය කලු ගලක එරීයාම නිසා මෙය කිසියම් ගුප්ත අද්භූත බවක් ඇතැයි යන්න බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබෙනවා. එහෙත් මේ පා සටහන් පිළිබඳ සැඟවුණු ඇත්ත කතාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මෙම පා සටහන පිහිටා ඇත්තේ මස්කෙළිය පොලිස් වසමේ  ගාඩ්මෝර් මාර්ගයේ නිව්ෆෝක්මෝර් වතුයායේ ශ්‍රී පාද රක්ෂිතයට ආසන්න ගල්තලාවකයි.

කෙසේ හෝ මෙම පා සටහනේ කිසියම් පුරාවිද්‍යාත්මක අගයක් තිබේ දැයි විමසා බැලීම පිණිස මධ්‍යම පළාතේ පුරාවිද්‍යා නිලධාරීන් එහි ගොස් ඇති අතර ඒ වන විටත් ‍එම සලකුණු සුවඳ පැනින් නාවා  මල් සුවඳ දුම් ආදිය ඊට පුදා ඇති බව නිරීක්ෂණය වුණා.

එමෙන්ම බුදුන්ගේ සිරිපා සලකුණට පහලින් ශ්‍රී පාද රක්ෂිතයට යාබදව රාම දෙවිදුන්ගේ ද පා සටහනක් ඇතැයි යන පුවත රට පුරා ප්‍රචාරය වීමත් සමඟ ගාඩ්මෝර් කඩමණ්ඩියේ වෙළඳ ව්‍යාපාර වලට වැඩිපුර වාසි සැලසෙන්නට වී තිබෙනවා. මේ අතර එම මාර්ගයේ ත්‍රීරෝද රථ ගාස්තුද එකවරම වැඩි වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙය රාම දෙවිදුන්ගේ පාද සටහනක් සේ සලකා එයට වැඳුම් පිඳුම් කරන්නන් මෙන්ම මෙය හනුමා දෙවියන්ගේ පා සටහනක් බවට විශ්වාස කරන්නටද ඒ අනුව ඊට වැඳුම් පිඳුම් කරන්නටද මෙම වතුයායේ ඇතැම් පිරිස් කටයුතු කරනවා.

මේ සම්බන්ධයෙන් සිදු වූ නිරීක්ෂණ මත පදනම්ව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මන්ඩාවල සඳහන් කරන්නේ ගලේ එක ළඟ තිබූ ස්වභාවික සටහන් දෙකෙන් එකක් මත කිසියම් පිරිසක් ඇඟිලි සටහන් නිර්මාණය කර ඇති බවට සැකයක් පවතින බවයි.

මේ පිළිබඳව ලබාගත් ඡායාරූප පවීණ පුරාවිද්‍යාඥයින්ට යොමු කර අවසානයේ අවසන් නිගමනයකට පැමිණෙන බවද සඳහන් කළා.

https://i2.wp.com/4.bp.blogspot.com/-9wLm8incgEs/WnJsYCrLrXI/AAAAAAAAm9o/3Ec5Ajf5tLIqQSzKcEad5ZKliGaC9jLCACLcBGAs/s1600/01%2B%252837%2529.jpg?ssl=1

https://i1.wp.com/4.bp.blogspot.com/-X8WvsCGAQrA/WnJsYMzGGCI/AAAAAAAAm9k/iyRzGUV_lqAM57oRL5wV5LMoUxhjg9JHQCLcBGAs/s1600/01%2B%252841%2529.jpg?ssl=1

https://i0.wp.com/4.bp.blogspot.com/-bB-E4ziCw-8/WnJsYOXwtlI/AAAAAAAAm9s/6zWc0rKqHSEoKjeG9ETfYwcb7MLz4oARgCLcBGAs/s1600/01%2B%252842%2529.jpg?ssl=1

https://i2.wp.com/2.bp.blogspot.com/-nfsSVIZI6qg/WnJsZE4JvUI/AAAAAAAAm9w/lm-V-1Zg4gI9Ew6SSBCdOnA5mVrjJneyACLcBGAs/s1600/01%2B%252849%2529.jpg?ssl=1

https://i2.wp.com/1.bp.blogspot.com/-A1jrivOoPGc/WnJsZoKUa8I/AAAAAAAAm90/rkQlC0DNwoQgZZBf111ro-04ON3SKkYlACLcBGAs/s1600/01%2B%252850%2529.jpg?ssl=1

https://i2.wp.com/3.bp.blogspot.com/-PodV3TrxuPY/WnJsZp-vbtI/AAAAAAAAm94/xO_0s1Uwa2UTqKqwDv2eM1XAOSSYqUmLwCLcBGAs/s1600/01%2B%252859%2529.jpg?ssl=1

more recommended stories

%d bloggers like this: