සමස්ත ඇමරිකාවටම පහරදිය හැකි මිසයිලයක් උතුරු කොරියාව අත්හදාබලයි

සමස්ත ඇමෙරිකානු මහාද්වීපික භූමියටම ළඟාවිය හැකි නව මාදිලියේ අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉකුත් 29 වැනිදා අලුයම දියත් කරන ලද හ්වාසොංග් – 15 මිසයිලය සිය වඩාත් බලගතු මිසයිලය බව ද උතුරු කොරියාව සඳහන් කර තිබෙනවා.

එම මිසයිලය ජපාන මුහුදට පතිත වුවද මින් පෙර උතුරු කොරියාව අත්හදා බලන ලද ඕනෑම මිසයිලයකට වඩා උසකට ගමන් කර ඇති බැවින් ඔවුන්ගේ ප්‍රකාශ සනාථවන බවයි විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.

උතුරු කොරියානු KCNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසන පරිදි කිලෝමීටර 4,475 (සැතපුම් 2,780) ක උස මට්ටමකට ළඟාවී ඇති මිසයිලය මිනිත්තු 53 ක කාලයක් තුළදී කිලෝමීටර 950 ක් දුර පියාසර කර තිබෙනවා.

මිසයිලය විදීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං උන් පෞද්ගලිකව අනුමැතිය දී ඇති බවද විදෙස් මාධ්‍ය සදහන් කළා.

more recommended stories

%d bloggers like this: