ජරාජීර්ණ වන දුම්රිය ස්ථාන නවීකරණයට රජයෙන් රුපියල් බිලියනයක්..!

වසර ගණනක් තිස්සේ නවීකරණය නොකළ ප්‍රධාන දුම්රිය ස්ථාන 25ක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා 2018 වසරේ දී කෝටි 100ක් වැය කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ රුපියල් දස ලක්ෂ 55ක වියදමින් ඉදිකළ කුරුණෑගල දුම්රිය ස්ථානයේ 04 වන නව වේදිකාව ජනතා අයිතියට පැවරීම හා මීටර 75 ක් දිග දුම්රිය මාර්ගය සේවා කටයුතුවලට භාරදීමෙන් අනතුරුව කුරුණෑගල දුම්රිය ස්ථානයේ පැවති උත්සව අවස්ථාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසිය.

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ වත්මන් රජය අද පොදු ප්‍රවාහන සේවාව නඟාසිටුවීම සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබෙනවා. ඉන් ප්‍රධාන තැන දුම්රිය සේවය සඳහා ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සමස්ත මගී සංඛ්‍යාවෙන් 42%ක් පමණයි දුම්රිය පරිහරණය කරන්නේ. දුම්රිය සේවාව අද අපි පවත්වාගෙන යනු ලබන්නේ පාඩු පිටයි. නමුත් ජනතා සේවාවක් ලෙස සලකා රජය ප්‍රමුඛස්ථානයක් ලබා දී මෙම සේවාව පවත්වාගෙන යනු ලබනවා. මෙම දුම්රිය ස්ථානයේ වේදිකා 04ක් පමණයි තිබුණේ. නමුත් අද මෙම 05 වන වේදිකාව විවෘත කිරීමත් සමග, මගී ජනතාවට වැඩි ඉඩ පහසුකම් ලැබී තිබෙනවා. ඒ වගේම මෙම මගී පර්යන්තය අලුතින් තනා නිම කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 75 ක් පමණ දුම්රිය දෙපාර්තමේන්තුව වැය කර තිබෙනවා. නමුත් දුම්රිය ස්ථාන ගොඩනැගිලි පමණක් ඉදි කිරීමෙන් මෙම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මෙතනට පැමිණෙන මගී ජනතාවට හොඳ සේවාවක් ලබා දීමට කටයුතු කළ යුතුයි”.

more recommended stories

%d bloggers like this: