2018 ලෝක පාපන්දු තරඟාවලියේ කුසලානය සංචාරය කෙරෙන පළමු රට ලෙස ශ‍්‍රී ලංකාව තෝරාගනී

එළැඹෙන 2018 වසරේ රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු තරඟාවලියේ කුසලානය පාපන්දු ක‍්‍රීඩා ලෝලීන්ට දැකබලා ගැනීම සඳහා රටවල් 54 ක සංචාරය කෙරෙන අතර මෙවර කුසලානය සංචාරය කෙරෙන පළමු රට ලෙස ශ‍්‍රී ලංකාව තෝරාගෙන තිබේ.

හෙට (23) පස්වරුවේ ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ලෝක පාපන්දු කුසලානය අනතුරුව ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් පිළිගැන්වීමට නියමිතව ඇත.

පාපන්දු ලෝක කුසලානය ලොවට හඳුන්වාදීමේ ප‍්‍රථම අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිවීම ශ‍්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් වන අතර එය ශ‍්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දෙන්නකි. එයට හේතු වන්නේ, එලෙස ප්‍රථම රට ලෙස තෝරාගනු ලබන රට පරිපුර්ණ කලයුතු විශේෂ ගුණාංග ශ්‍රී ලංකාව සතුව පැවතීමයි. ඒවා නම්,  මාධ්‍ය නිදහස, රට තුල යහපත් ලෙස ජීවත් වීමට ඇති හැකියාව, ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සම්බඳතාවන් තිබීම, ගෝලීය සංචාරක කර්මාන්තය තුල ශ්‍රී ලංකාව හොබවන ස්ථානය වැනි කරුණු කාරණා අනුවය. එම සාධක සලකා බැලීමේදී ලෝක පාපන්දු තරඟාවලියේ කුසලානය සංචාරය කෙරෙන පළමු රට ලෙස වඩාත් සුදුසු වන්නේ ශ‍්‍රී ලංකාව බව ලෝක පාපන්දු සම්මේලනය විසින් තීරණය කර ඇත.

මේ විශේෂ පිළිගැනීම සඳහා අප මව්බිම තෝරාගැනීමට මුලිකවම යෝජනා කර ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් මහතා වන අතර රුසියානු ජනාධිපති සහ ශ්‍රී ලංකා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර පවතින අද්විතීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ප්‍රතිපලයක් මල්පල ගැන්වූ අවස්තාවක් ලෙස මෙම ඓතිහාසික වරප්‍රසාදය හඳුන්වා දිය හැකි වන්නා සේම එම මිත්‍ර සබඳතාවල ඇති ශක්තිමත් බව මෙතුලින් මනාව අප ලාංකිකයින්ට වැටහෙනු නොඅනුමානය.

එමෙන්ම පසුගිය වසරේ රුසියාවට තේ අපනයනයේදී ඇතිවූ ගැටළුවක් මූලික කරගනිමින් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර තිබු මිත්‍ර සබඳතාවන් පළුදු වී ඇති බවට විවිධ මාධ්‍යන් තුල ගෙනිගිය අසත්‍ය ප්‍රචාරයන් වලට කදිම පිළිතුරක් ලෙස මෙම අන්තර්ජාතික විශේෂ පිලිගැනීම පෙන්වා දිය හැකිය. එම සිදුවීමේදී වුවද ජනපති මෛත්‍රී තේ ප්‍රශ්නය විසඳු ආකාරය ඉතාමත් ප්‍රශංසාත්මක වන අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් ජනපති මෛත්‍රී සතුව ඇති මේ විශේෂ ප්‍රතිපත්තිමය චින්තනය වරෙක ඔහුගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වීමට තරම් හේතුකාරක වීම අපට අමතක කල නොහැකිය.

more recommended stories

%d bloggers like this: