2018 වසරේ සුපිරි උඩපන්දුව වසර ඇරඹුමේදීම පියඹා ගොස් නතරකළ හැටි මෙන්න..!

2018 වසරේ සුපිරි උඩපන්දුව වසර ඇරඹුමේදීම පියඹා ගොස් නතරකළ හැටි මෙන්න ”

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන BBL තරඟාවලියේදී ක්‍රීඩකයෙකු පන්දුවක් රැකගත් ආකාරය වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඊයේ පැවති Sydney Thunder සහ Hobart Hurricanes අතර තරඟයේදීයි මෙම අපූරු සිදුවීම වන්නේ.

බොහෝ දෙනෙක් නොසිතූ ලෙස SR Watson විසින් එල්ලකරන ලද දැවැන්ත හයේ පහරක් හතරේ සීමාව ආසන්නයේ පන්දුරකින ක්‍රීඩක Dan Christian විසින් වළක්වන්නේ සියල්ලන් මවිතයට පත්කරමින්.

තම හිසට ඉහළින් ඇදී යන පන්දුව වෙත පසුපසට පියඹා අති විශිෂ්ඨ ලෙස ඔහු හයේ පහර වැලැක්වීමට සමත්වුවද එය රැකගැනීමට ඔහු සමත් වූයේ නෑ.

බොහෝ දෙනෙකුගේ හැදින්වූයේ එය ඔහු රැකගත්තා නම් 2018 වසරේ සුපිරිතම උඩපන්දුව වසරේ ආරම්භක දිනයේදී ම ඔහු සතු වන බවයි.

කෙසේ වෙතත් වැලැක්වීමට ඉතා අපහසු හයේ පහරක් ඔහු විසින් නතරකිරීම හේතුවෙන් මේ වනවිටත් බොහෝ දෙනෙකුගේ අවධානය එම අවස්ථාවට යොමුව තිබෙනවා.

මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Hobart Hurricanes කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 189 ක් රැස්කරගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ Sydney Thunder කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 180ක් පමණයි.

එම තරඟයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ Dan Christian නතරකළ සුපිරි හය පහතින්.

more recommended stories

%d bloggers like this: