ශ්‍රී ලංකා – දකුණු කොරියානු ජනපතිවරුන් අපේ රට වාසි රැසක් එක්ක ගිවිසුම් 05කට අත්සන් තබයි..!

දකුණු කොරියාවේ නිළ සංචාරයක නිතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එරට ජනාධිපති මුන් ජේ – යින් අතර නිළ හමුව අද පෙරවරුවේ සිදුවුණා.

ඒ, සෝල් නුවර පිහිටි බ්ලූ හවුස් ජනාධිපති මැදුරේදියි.

එහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරයක් ද පිරිනැමුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.

අනතුරුව පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවලදී දකුණු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරය, දෙරට අතර ශක්තිමත් සබදතාවක ස්ථිර පදනමක් සකසන බවයි.

රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව ආර්ථික සහයෝගීතාව ඇතුළු ගිවිසුම් 05කට ද අත්සන් තැබුණා.

more recommended stories

%d bloggers like this: