පුරාවිද්‍යා ඉතිහාසය අළුත් කරමින් ලංකාවේ ආදී මානවයන් විසින් ඇඳි ප්‍රාග් ඓතිහාසික සිතියමක් හමුවේ..!

වසර හයදහසකට පෙර මෙරට ජීවත් වු පරිණත මානවයින් විසින් නිර්මාණය කල ඉපැරණි විශාලතම සිතියම සොයාගෙන තිබෙනවා’

ලෝකයේ මේ වන විට මෙවැනි සිතියම් 18ක් හමුව ඇති අතර මෙය එලෙස හමුවු 19වන සිතියම බවයි කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාජ් සෝමදේව් මහතා ප‍්‍රකාශ කලේ’

බලංගොඩ ඕපනායක පරගහමඩිත්ත පින්නගල බාදාහේන ගල් ගුහාවේ සිදුකල පුරාවිද්‍යා කැණීම් වලදීයි මෙය හමුව ඇත්තේ’

පැරණි මානවයින් තමන් වාසය කරන භූමි ප‍්‍රදේශය හෝ තමන්ට ආහාර හා ජලය සපයා ගත හැකි ස්ථාන සටහන් කර තැබීමට මෙම සිතියම් නිර්මාණය කල බවට අනුමාන කලහැකි බවයි මහාචාර්යවරයා සදහන් කලේ’

මෙම ගුහාව තුල පිහිටි ගලක් මත තිත් සටහන් යොදමිනුයි පුරාණ මානවයින් මෙම සිතියම් නිර්මාණය කර ඇත්තේ’

මේ පුරාණ මානවයින් නිර්මාථය කල සිතියම් පිලිබද අධ්‍යනය කිරීමේ බලාපොරොත්තුවෙන් බාදාහේන ගල්ගුහාව තුල තවදුරටත් කැණීම් සිදුකරන බවද මහාචාර්ය රාජ් සෝමදේව මහතා සදහන් කලා’

 

more recommended stories

%d bloggers like this: