මීට පස්සේ ෆේස්බුක් දාලා සියදිවි නසා ගන්න හදන අයව අඳුරගන්න Facebook ලොක්කාගෙන් දීපු අළුත් වැඩේ මෙන්න..!

පසුගිය කාලය පුරාවටම Facebook නිසා සියදිවි හානිකරගත් පුද්ගලයින් පිළිබඳව බොහෝ වාර්ථා පලවුනා. මේ හේතුව නිසා Facebook සමාගමට බොහෝ චෝදනාද එල්ල වුනා.මෙම තත්වය මත පරිශීලකයන් විසින් මුහුණු පොතට එකතු කරන සටහන්,ඡායාරූප සහ වීඩියෝ වල අන්තර්ගතය පිළිබඳව සොයා බලා ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳව යම් අදහසක් ලබාගන්නට කටයුතු කර තිබුනා.මෙමගින් යම් කිසි පරිහීලකයෙකු සියදිවි හානි කරගැනීමට ආසන්නනම් ඒ පිළිබඳව  Facebook සමාගමට දැනගන්නට හැකියාව ලැබුනා.

ප්‍රථමයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය තුල පරීක්ෂණ මට්ටමින් මෙම යාවත්කාලීන කිරීම සිදුකර ඇති එතර ඒ මගින් සියදිවි හානිකර ගැනීමේ මානසිකත්වයේ සිටි  සියයකට අධික ප්‍රමාණයකගේ ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබී තිබුනා. ඒ අනුව Artificial Intelligence (කෘතීම බුද්ධිය) තාක්ෂණය යොදාගනිමින් මෙහි හැකියාවන් තවත් වර්ධනය කර ලොව පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව Facebook සමාගම පවසනවා.

ඒ අනුව යම්කිසි පුද්ගලයෙකු Facebook සටහනක් තබා සියදිවි හානිකර ගැනීමට ගියහොත් හෝ සියදිවි හානිකර ගැනීමේ මානසිතක්වයකට පත්වුවහොත් ක්ෂණිකව ඒ පිළිබඳව හඳුනාගනු ලබනවා. පසුව ඒ පිළිබඳව ඔහුගේ සමීපතම මිතුරන්ට සහ අවශ්‍යතාවය අනුව ලඟම ඇති පොලීසයට වුවද දැනුම් දීමට තරම් දියුණු මට්ටමකට දියුණු කරන බව Facebook සමාගම පවසනවා.

මේ සඳහා පුහුණු තාක්ෂණික නිළධාරීන්ද මේ වන විට පත්කර ඇති අතර ඉතා ඉක්මනින්  Facebook පරිශීලනය කරන්නන්ගේ මව්බසින් මෙම උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වන බවද දැනගන්නට ලැබෙනවා.

more recommended stories

%d bloggers like this: