හොල්මන් බියකින් යාපනය කැලඹේ.. 09 ක් මරුට.. හේතුව දන්නේ නෑ..

අපි ජිවත් වෙන්නේ 21 වෙනි සියවසේ වුනත් හොල්මන්, භූතයෝ ගැන විශ්වාස කරන අය තවමත් ඉන්නවා. ලෝකයේ දැනට තියෙන තාක්ෂණයට තවමත් හොයාගන්න බැරි වුන දෙයක් නිසා ලෝකයේ බොහෝ දෙනෙක් මේ ගැන තදින්ම විශ්වාස කරන්න පෙළඹිලා. කොහොම වුනත් මේ විදිහේ භූත බලවේගයක්‌ ගැන පැතිර යන ආරංචියක්‌ නිසා යාපනයේ ජනතාව මේ දවස්වල ලොකු බයකින් ඉන්නේ. මේකට ඉතාම ආසන්න හේතුව වෙලා තියෙන්නේ කෙටි කලක්‌ තුළ යාපනයේ එකම පවුල් දාමයකට අයත් පුද්ගලයන් 09 දෙනකු හදිසියේම මිය යෑම. ඔවුන් යාපනයේ කුඩා පරිමාණයේ වෙළෙඳ කටයුතුවල නිරතව වෙලා හිටපු පවුල් දාමයක්.

මියගිය පුද්ගලයන් 9 දෙනා අතර කාන්තාවන් 4 දෙනකු හා කුඩා ළමයින් දෙදෙනෙකු ඉන්නවා. මේ අය මිය ගියපු හේතුව පැහැදිලි වශයෙන් ප්‍රකාශ කරන්න යාපනය ශික්‌ෂණ රෝහලේ වෛද්‍යවරුන්ට තාම පුළුවන් වෙලා නෑ කියල තමයි යාපනයේ ජනතාව චෝදනා කරන්නේ.

ඒ හේතුවෙන් නිසා ඔවුන් මියගියේ භූත බලවේගයක්‌ නිසා බව යාපනයේ වැසියන් මෙන්ම යාපනයේ මාධ්‍ය ද වාර්තා කර තිබීමෙන් යාපනයේ වැසියන්ගේ බිය දෙගුණ තෙගුණ වී තිබේ.

යාපනයේ බොහෝ දෙනකු තමන්ට රාත්‍රි කාලයේ දී විවිධ අන්දමේ අද්භූත සිද්ධීන්ට මුහුණදීමට සිදු වූ බවත් එම සිද්ධීන් එකිනෙක විස්‌තර කිරීමත් නිසා යාපනයේ වැසියන්ට මෙම භූත බලවේගය කෙරෙහි විශ්වාසය දැඩි වී ඇත.

කෙසේ වෙතත් යාපනයේ වැසියන් සඳහන් කරන්නේ පසුගිය දිනවල යාපනයේ ක්‍රියාත්මක වූ “ආවා ගෲප්” කල්ලියේ බිහිසුණු තත්ත්වයට වඩා බියකින් යාපනයේ වැසියෝ මේ අද්භූත බලවේගය හමුවේ මානසිකව පීඩා විඳීමත් බියට පත්වීමත් දක්‌නට ලැබෙන බවයි.

මේ නිසා ඔවුන් මියගියේ භූත බලවේගයක්‌ නිසා බව යාපනයේ ජනතාව වගේම යාපනයේ මාධ්‍ය ද වාර්තා කරලා තියෙන නිසා යාපනයේ ජනතාවගේ භූත බය දෙගුණ තෙගුණ වෙලා තියෙනවා.

යාපනයේ ගොඩක් දෙනෙක් තමන්ට රාත්‍රි කාලයේදී එක එක විදිහේ අද්භූත සිද්ධීන්ට මුහුණදීමට සිදු වුන බවත් තමන් මුහුණ දීපු සිද්ධී එකිනෙක විස්‌තර කිරීම නිසා යාපනයේ ජනතාවට මේ භූත බලවේගය ගැන විශ්වාසය දැඩි වෙලා තියෙනවා.

කොහොම වුනත් යාපනයේ වැසියන් කියන්නේ පහුගිය දවස්වල යාපනයේ ක්‍රියාත්මක වුන “ආවා ගෲප්” කල්ලියේ බිහිසුණු තත්ත්වයට වඩා බයකින් යාපනයේ ජනතාව මේ අද්භූත බලවේගය නිසා මානසිකව පීඩා විඳීමත්, බයට පත්වීමත් දකින්න තියෙනවා කියලයි.

Source: 24.siyathafm.lk

more recommended stories

%d bloggers like this: