උතුරු කොරියානු හමුදාවට අභියෝග කරමින් ජීවිතය ගැන බලාපොරොත්තු අතහැර සොල්දාදුවකු පැනගිය හැටි..! (VIDEO)

උතුරු කොරියානු යුධ සොල්දාදුවකු උතරු කොරියානු දේශ සීමාව පාසුක්ර දකුණු කොරියාව බලා පලා ආ පුවතක් වාර්තාවේ. උතුරු කොරියාවේ ඇති පීඩාකාරී පාලනය හේතුවෙන් මෙමෙඅ සොල්දාදුවා පලා ආ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එසේ උතුරු කොරියාවෙන් පලා එම උතුරු කොරියාව සලකන්නේ දේශ ද්‍රෝහී ක්‍රියාවක් ලෙසයි. දකුණු කොරියාවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සේනාංකය විසින් නිකුත් කළ වීඩියෝවක් මගින් මේ බව සනාත කර ඇත.

අදාළ සොල්දාදුවා 24 වන වියේ පසුවන බවත් ඔහුගේ පෙළපත් නාමය ඔහ් නම් වන බවත් දකුණු කොරියාවේ වෙසෙන එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ප්‍රකාශ කර සිටිනවා. පලා ඒමේදී අදාළ සොල්දාදුවාට වෙඩි තැබීමක්ද උතුරු කොරියාව විසින් සිදුකරන ලද අතර එය දෙරට අතර ඇති සාම ගිවිසුමද උල්ලංගනය කරනු ලබන බව පැවසෙනවා. කෙසේ වෙතත් අදාළ සොල්දාදුවාට ප්‍රතිකාර සිදුකිරීම සඳහා එක්සත්ජාතීන්ගේ සාම සාධක හමුදාව ඉදිරිපත්වී ඇතිබවයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින්.

more recommended stories

%d bloggers like this: