පොහොට්ටුවේ අපේක්ෂයාගේ රියදුරු අත්අඩංගුවට

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු අයත් කැබ් රථයක් එම අපේක්ෂකයා නොමැතිව වැව් ඉස්මත්තක තිබියදී එම රථයේ රියදුරුද සමග සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 03 වැනිදා සවස සාලියවැව පොලිස් වසමේ කඩවල වැව් ඉස්මත්තේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිස් බාරයට ගෙන ඇති කැබ් රථයේ කරුවලගස්වැව ප්‍රදේශීය සභාවට පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ ඡායාරූප අලවා තිබී ඇත.

එම කැබ් රථයේ රියදුරු වාහනය රැගෙන ගොස් වැව් ඉස්මත්තේ මත්පැන් පානය කරමින් සිටින බවට ලැබී තිබූ තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

more recommended stories

%d bloggers like this: