තද සුළං සමඟ ගිගුරුම් සහිත වැසි ඉදිරියේ… කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කල රතු නිවේදනය මෙන්න…!

දිවයින ආශ්‍රිතව පවතින අඩුපීඩන කළාපය පීඩන අවපාතයක් බවට පත්වෙමින් තිබෙන බවත් එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවධානමක් ඇති බවත් ඉන්දීය මාධ්‍ය අනතුරු අගවා තිබෙනවා.

මේ වනවිට බස්නාහිර සබරගමුව හා දකුණ යන පළාත් වලට තද සුළං සමඟ ගිගුරුම් සහිත වැසි ඇදහැලෙන බවත් සුළගේ වේගය පැයට කිලෝමීටර 80 ඉක්මවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසයි.

හම්බන්තොට,ගාල්ල,මාතර,කලුතර,බදුල්ල,නුවරඑළිය දිස්ත්‍රික්කවලට දැඩි සුළං තත්ත්වයක් ඇති වීම හේතුවෙන්
ගස් කඩා වැටීම් පිළිබදවද වාර්ථා වේ.මේ හේතුවෙන් මාර්ග අවහිරතා මෙන්ම විදුලිය බිදවැටීම්ද සිදුව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

එම දෙපාර්ථමේන්තුව කදුකර ප්‍රදේශ වල වෙසෙන ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් ප්‍රකාශ කලේ නාය යෑම් ලක්ශණයක් දුටු වහාම  ආරක්ශිත ස්ථාන වෙත ගමන් කරන ලෙසයි.

‍යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් කටයුතු කිරීම සඳහ ආරක්ශක අංශ දැනුවත් කර ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පැවසුවා.

ධීවර කටයුතු වලින් ඉවත්ව නිවෙස් වලට වී සිටින ලෙසද ඉල්ලීමක් කරන කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පැවසූවේ යම් හදිසි තත්වයක් ඇති වුවහොත් ඒ සම්බන්ධව නිරන්තරයෙන් දැනුවත් කරන බවයි.

ඉදිරි පැය 24 දක්වා මෙම අනතුරු ඇගවීම සිදුකර තිබෙනවා.මේ අද සවස කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව ඉදිරිපත් කළ අනාවැකිය

more recommended stories

%d bloggers like this: